පාසලේ ඉතිහාසය හා පසුබිම
භාරතයේ මහා පඬිවර වාල්මිකිගේ රාමායණය නම් ලොව සුප්‍රකට, කෝටි සංඛ්‍යාත ජනයාගේ වන්දනීයත්වයට පත් ස්වර්ණ පුස්තකයට පාදක වු ශ්‍රේෂ්ඨ නරපති මහා රාවණයන්ගේ ආලකමන්දාවක් බඳු සුන්දරත්වයෙන් යුතු ලංකාපුර රාජධානිය වත්මනෙහි ලග්ගල නමින් පොදු ජන ව්‍යවහාරයේ පවති. ලෝක උරුම දුම්බර වන පෙතත්, වස්ගමුව වන උයනත් දායාද කරගත් ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ කිර්තිමත් ම තක්ෂලාව ලෙස නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය ජනී ජනයාගේ බුහුමනට ලක් වේ.
1953 අගෝස්තු මස 01 වන දින නාමිණිඔය ශ්‍රී ඛෙත්තාරාම විහාරාධිපති වැඩ විසු කෙවුල්ගම නන්දසාර නාමිහියන්ගේ මගපෙන්විම හා ආශිර්වාදය මැද නාමිණිඔය ග්‍රාම වාසින් විසින් විහාරස්ථ භුමියේ ඉදි කළ කුඩා පොල් අතු මඩුවක ඇරඹි පාසල “නාමිණිඔය˜ විද්‍යාලය යැයි නම් ලැබුවේ නාමිණිඔය ග්‍රාම නාමය අනුවය පාසලේ ආරම්භක ඇඳුරුතුමන් වුයේ රන්දුණු මුදියන්සේලාගේ හිංබණ්ඩා මහතාය පාසල ආරම්භ වුයේ සිසුන් අට දෙනෙකු ඇතුළත් කර ගනිමිනි.
පාසල ආරම්භ වි වසර හතරක් ගතවිමෙන් අනතුරුව 1957 අගෝස්තු මස 01 වන දින පාසල රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කර රජයට පවරා ගන්නා අතර, එල්.බී. විජේකෝන් බණ්ඩා මහතා. විදුහල්පතිවරයා ලෙස පත් කරනු ලබයි.
වසරින් වසර සිසු පිරිස ක්‍රමයෙන් වර්ධනය වන විට ස්ථිර ස්ථානයකට පාසල රැගෙන යාමේ අවශ්‍යතාව පැන නැගුණු අතර, ඒ අනුව වර්තමානයේ හෙට්ටිපොල පශු වෛද්‍ය මධ්‍යස්ථානය පවතින භුමියේ මහා ඝන කැලෑව හෙළි පෙහෙළි කර ගම්වැසියන් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර පාසල එම ස්ථානයට රැගෙන එනු ලැබිය. අදත් හෙට්ටිපොල පශු වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති දැවැන්ත මී අඹ ගස එම සාඩම්බර ඉතිහාසය කියා පාන ජීවමාන සාක්ෂිය වේ. එම අඹ ගස රෝපණය කර ඇත්තේ පාසල ආරම්භ කළ දිනයේදි ය.
පාසල වර්තමානයේ පවතින භුමියට පැමිණ ඇත්තේ 1970 වර්ෂයේදිය. රජයේ වියදමින් ඉදි කළ ගොඩනැගිලි සංකිර්ණයක පාසල ආරම්භ වන විට සිසුන් දෙසියක් අධ්‍යයන කටයුතු සිදු කළ අතර ආචාර්යය මණ්ඩලය පහළොවක් විය.
1990 වර්ෂය පාසල් ඉතිහාසයේ ස්වර්ණමය වසරක් වන්නේ එතෙක් මහා විද්‍යාලයක්ව පැවති පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විම නිසාවෙනි. ඒ අනුව පාසල නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය බවට පත් වන අතර, ඒ වන විට සිසුන් දහස ඉක්මවා සිටි අතර, එවකට විදුහල්පතිව කටයුතු කළේ ඊ.එම්.පියසේන මහතාය.
1991 වසර වන විටත්, පාසලට පාසල් ගීතයක් නොවු අතර, එම නිසා එවකට විදුහල්පති ධුරය දැරූ කේ.ජී.කිරිබණ්ඩා නම් පුරෝගාමි විදුහල්පතිතුමන් විද්‍යාලයේ සේවය කළ මල්ලිකා වනිගසේකර ගුරුතුමියගෙන් කළ ඉල්ලිමකට අනුව වර්තමාන පාසල් ගීතය ඈ අතින් නිර්මාණය විය.
1999 වර්ෂයේ දි උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරිමට රජයේ අනුමැතිය හිමි වන අතර, එම අවසරය හිමි වු විල්ගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රථම පාසල විමේ භාග්‍ය නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය සතු විය.
2009 වසරේ ඉසුරු පාසල් සංකල්පය යටතේ පාසලේ ප්‍රාථමික අංශය වෙනම පාසලක් බවට පත් වන අතර, ඒ අනුව 2009 වසරේ සිට ප්‍රාථමික අංශය “නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය˜ වෙනම පාසලක් ලෙස ක්‍රියාත්මක විම ඇරඹ්ණි.
2013 වසරේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකිර්ණය ඉදිවිමත්, තාක්ෂණ විද්‍යාගාරයක් හා තාක්ෂණ විද්‍යා පිඨයක් ඉදිවිම නාමිණිඔය මධය මහා විද්‍යාලය ලැබු සුවිශේෂි ජයග්‍රහණයකි. වර්තමානය වන විට කලා, වානිජ, විද්‍යා,ගණිතය සහ තාක්ෂණ යන සියළු විෂය ධාරාවන් යටතේ උසස් පෙළ හැදැරිමේ අවස්ථාව හා 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය හැදෑරිමේ අවස්ථාව ප්‍රදේශයේ දරුවන්ට ලබා දෙමින් මැදරට කීර්තිමත් තක්ෂලාවක් බවට පත් නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය 2021 වර්ෂයේ සිට ජාතික පාසලක් බවට සංවර්ධන කිරිමට රජය ගත් තිරණය උපන් නුපන් දරුවන්ගේ භාග්‍යයක් වන්නේය. එම භාග්‍ය උදා වන්නේ වර්තමාන විදුහල්පති එම්.ජි.ගුණදාස මහතාගේ, අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍ය, දෙමාපිය සියළු දෙනාගේ උත්සහය හා කැපවිම මතය.
දශක හතකට ආසන්න කාලයක් පාසලෙන් නැණ පහන් දල්වා ගත් දස දහස් සංඛ්‍යාත විද්‍යාර්ථයන් ගුණ නැණ බෙලෙන් යුතු පුරවැසියන් ලෙස විවිධ කේෂaත්‍රයන් තුළින් ජාතික සංවර්ධනයට උර දෙමින් සිටින්නේ නාමිණිඔය මධය මහා විද්‍යාලය විදු මැණියන්ගේ කිර්තිය දසත පතුරවමිනි!






