පාසල් ගීතය
ශ්‍රීණී විරාජිත ලොව අපරාජිත
සිරිලක් රන් දෙරණේ
නාමිණිඔය මැදි විදුහල් මෑණී
සැරදේ නිති සැරදේ ………//
රන් කරලින් බර සරු කෙත් මැද්දෙන්
සිපගෙන එන්නේ මද සුළගයි
වැවයි දාගැබයි ගමයි පන්සලයි
විදුබිම අපගේ රජ .දහනයි ……..//
ශ්‍රීනි විරාජිත ………..
නාට්‍ය කලා ශිල්පාදී විද්‍යා
පුරුදු පුහුණු කොට පෙරපර භාෂා
ගුණ නුවණින් යුතු දරුවන් වෙමු අපි
විදුහල් මෑණී ඔබ සෙවනේ ……//
ශ්‍රීනි විරාජිත ……..
ජාතිය ආගම දේශය උදෙසා
සිසු දරු දියුණුට මග පෙන්වාලා
වීර විකුම් හෙළ දරුවන් බිහි කළ
රැව්දේ ඔබ නාමය ගුවනේ……//






